昔、ある村に一人のびんぼうな若者が住んでいました。
いつもまじめに働いていましたが、生活は全然楽にはなりませんでした。
ある日、いつもと同じように、山へ木を取りに行きました。
家に帰る途中で、野原の雪の中につるがたおれているのを見つけました。
つるは、羽にけがをして、苦しそうに鳴いていました。
若者は、けがをしたところを川の水で洗ったり、薬をつけたりして、助けてやりました。
元気になったつるは、何度もおじぎをして、空へとび上がりました。
そして、若者の頭の上をゆっくり回ってから、山の向こうへとんで行きました。
අතීතයේ, එක්තරා ගමක දුගී තරුණයෙකු වාසය කරමින් සිටියේය.
නිතරම උත්සාහයෙන් වැඩ කලද ජිවිත් වීම කිසිවිටකත් ලෙහෙසි නොවුණි.
එක් දිනක්, වෙනදා වාගේම ගස් කැපීමට කන්ද වෙත ගියේය.
නිවසට ආපසු පැමිණෙන අතරමඟදී තැනිතලාවේ හිම මත කොකෙක් වැටී සිටිනු දුටුවේය.
කොකා, පියාපත් තුවාල වීමෙන් වේදනාබරව හඬමින් සිටියේය.
තරුණයා, තුවාල වූ පෙදෙස ගඟෙහි ජලයෙන් සෝදා බෙහෙත් ගල්වා සාත්තු කලේය.
පණ ආ කොකා කිහිපවරක්ම හිස නමා ආචාර කොට ගුවනට පියඹා ගියේය.
එසේම, තරුණයාගේ හිස ඉහලින් සෙමින් කැරකී කන්දෙන් එහාට පියාඹා ගියේය.
それから二、三日たった、雪の降る夜、若者が家の中で仕事をしている時、戸をたたく音が聞こえました。
ඉන්පසු, දින දෙක තුනක් ගතවී හිම වැටුනු රැයක, තරුණයා නිවස තුල වැඩ කරමින් සිටියදී, දොරට ගසන හඬක් ඇසුණි.
「こんなに夜おそく、だれだろう。」
そう思いながら、若者は戸を開けてみました。
そこには一人の美しい娘が立っていました。
「私は、しんるいの家へ行くところですが、途中で、道にまよってしまいました。すみませんが、ちょっと休ませてくださいませんか。」
"මෙතරම් රෑ බෝ වී කවුරු වෙන්නැතිද?"
එසේ සිතමින් තරුණයා දොර විවෘත කර බැලුවේය.
එතැන රූමත් දියණියක් සිටගෙන සිටියාය.
"මම නෑ ගෙදරක යමින් සිටියේ, මඟදී පාර වැරදුනා, සමාවෙලා ටිකකට මෙහි විවේක ගන්න හැකිද?"
「それは大変でしたね。どうぞ中に入って、休んで行ってください。寒かったでしょう。さあ、火のそばへ来て、あたたかい物を食べてください。」
"ඒක නම් කරදරයක් නේද. එන්න ඇතුලට ඇවිත් විවේක අරන් යන්න. සීතල වෙන්නැති. එහෙනම් උඳුන ළඟට විත් උණුවෙන් දෙයක් කාලා ඉන්න."
その夜、親切な若者はその娘をとめてあげました。
つぎの日、朝早くから娘は、食事の用意をしたり、そうじをしたりして、いっしょうけんめいに家の中の用事をしました。
その日から娘はずっと若者の家にいるようになりました。
එදින රෑ කරුණාවන්ත තරුණයා එම දියණියට නවාතැන් දුන්නේය.
පසුදින, උදේ පටන් දියණිය ආහාර පිළියෙල කර පිරිසිදු කර උනන්දුවෙන් නිවසේ වැඩපොල කලාය.
එම දිනයේ සිට දියණිය දිගටම තරුණයාගේ නිවසේ සිටින්නට විය.
ある日、娘は若者に言いました。
එක් දිනක් දියණිය තරුණයාට කතා කලාය.
「私はこれから特別の糸で布を作ります。その布ができたら、町へ売りに行ってください。町の人々は、めずらしがって、高く買ってくれるはずです。でも、私が仕事をしている時は、部屋の中を見ないでください。」
"මා මෙතැන් පටන් විශේෂ හුයකින් සළුවක් සාදනවා. එය සෑදූ විට විකිණීමට නගරයට යන්න. නගරයේ මිනිසුන් දුර්ලභ යැයි සිතා වැඩි මිලකට ගන්නවා නිසැකයි. ඒත් මා වැඩ කරන විටදී කාමරය තුල බලන්න එපා කරුණාකර."
娘は、部屋に入ったまま、ずっと中で仕事をしていました。
そして、一週間後に、美しい布を持って、出て来ました。
若者は、その布を町へ持って行って、売りました。
人々は、「見たことも聞いたこともないめずらしい布だ。こういうすばらしい布なら、高くても買いたい。」と言って、高いねだんで買いました。
දියණිය කාමරයට ඇතුල්වී දිගටම ඒ තුල වැඩ කරන්නට විය.
එසේම, සතියකට පසුව අලංකාර සළුවක් රැගෙන පිටතට පැමිණියාය.
තරුණයා එම සළුව නගරයට රැගෙන ගොස් විකුණුවේය.
මිනිසුන්, "දැක නැති අසා නැති දුර්ලභ සළුවක්. මේවගේ අනර්ඝ සළුවක් නම් මිල වැඩි වුවත් ගන්න ඕනෑ" යැයි පවසා වැඩි මිලකට ගත්හ.
若者がお金をたくさん持って、喜んで帰って来たので、娘もうれしそうな顔をしました。
その日から若者は、お金がもっと欲しくなり、娘を働かせるようになりました。
娘は、だんだん顔色がわるくなり、やせてきましたが、若者の喜ぶ顔が見たくて、布を作り続けました。
තරුණයා මුදල් රැසක් රැගෙන ප්රීතියෙන් ආපසු පැමිණි නිසා දියණියත් සතුටින් පිරී ගියාය.
එදින සිට තරුණයාට, තවත් මුදල් උවමනාවී දියණිය ලවා වැඩ කරවාගන්නට විය.
දියණිය ටිකෙන් ටික සුදුමැලි වී කෘෂ වුවද, තරුණයා ප්රීතිමත්ව සිටිනු දැකීමට සළු සැදීම නොකඩවා සිදුකලාය.
ある日、若者は娘の部屋の中を見たくなりました。
එක් දිනක්, තරුණයාට දියණියගේ කාමරය තුල බැලීමට උවමනා විය.
「どうして、あんな美しい布ができるのだろう。ちょっとだけなら、見てもかまわないだろう。」と思って、娘の働いている部屋へ行ってみました。
若者は中を見て、びっくりしてしまいました。
部屋の中では、やせたつるが自分の羽を一本一本取り、それで布を作っていたのです。
"කෙසේද එතරම් අලංකාර සළු සෑදිය හැක්කේ. ටිකක් බැලුවාට කම් නැති වේවි" යැයි සිතා දියණිය වැඩ කරන කාමරයට ගොස් බැලුවේය.
තරුණයා ඇතුලත දැක පුදුමයට පත් විය.
කාමරය තුල කෘෂ වූ කොකෙකු සිය පිහාටු එකින් එක ගලවා ඉන් සළු සාදමින් සිටි බැවිනි.
若者に見られたのを知った娘は、部屋から出て来て、静かに言いました。
තරුණයා දුටු බව දැනගත් දියණිය කාමරයෙන් පිටතට විත් සෙමින් පැවසුවාය.
「あなたは、私の部屋の中を見ないと約束したのに、見てしまいましたね。私は前に助けていただいたつるなのです。あなたのために、働こうと思って、この家に来ました。でも、あなたが約束を守らなかったので、もういっしょにいることができません。」
娘は、泣きながら、外へ出て行きました。
"ඔබ මා වැඩ කරන විට නොබලන බවට පොරොන්දු වුවත් බැලුවා නේද. මම පෙර උපකාර ලැබූ කොකා වෙමි. ඔබ වෙනුවෙන් වැඩ කිරීමට සිතා මේ නිවසට පැමිණියා. ඒත් ඔබ පොරොන්දුව රක්ෂා නොකල නිසා, තවත් එකට සිටිය නොහැකියි.
දියණිය හඬමින් පිටතට දිව ගියාය.
「わたしがわるかった。ゆるしてくれ。わたしのそばにいてくれ。」
"මගේ වැරැද්ද. සමාව දෙන්න. මා එක්ක ඉන්න."
若者が娘を追いかけて外へ出た時、鳥の鳴く声がしました。
外にはもう娘はいませんでした。
夕方の空を白いつるがとんでいるのが見えました。
つるは、悲しそうに高い声で鳴きながら、夕やけの赤い雲の中に消えて行ってしまいました。
තරුණයා දියණිය පසුපසින් යමින් පිටතට ගිය විට, කුරුල්ලෙකුගේ හඬක් ඇසිනි.
පිටත ඒ වන විටත් දියණිය නොසිටිණ.
සැදෑ අහසේ සුදු කොකෙකු පියාසර කරමින් සිටිනු පෙනුනි.
කොකා, දුක්බරව මහ හඬින් කෑගසමින්, බැසයන හිරුගේ රක්ත වලාවක් අතුරින් නොපෙනී ගියේය.