A(な) නාමවිශේෂණ පදයන්හි මුලට お හෝ ご යෙදීමෙන් ඒවායේ ආචාරශීලී ස්වරූප සාදාගත හැක. නාමපද සඳහාද එසේ කල හැක. නමුත්, A(い) නාමවිශේෂණ පද සඳහා යෙදිය හැක්කේ お පමණක් බව සලකන්න.
යම් පදයක පෙරට お යෙදීම හෝ ご යෙදීම සම්මත වී ඇත්නම්, ඒවා විශේෂිත අවස්ථාවකදී විණා වෙනස් නොවන බව සලකන්න.
お元気ですか。
ඔබ සනීපෙන්ද?
お幸せになってください。
සතුටින් ඉන්න ලැබේවා.
御自由にどうぞ。
කරුණාකර නිදහස්ව ලබාගන්න.
お宅はどちらですか。
ඔබේ පදිංචිය කොහෙද?
おいそがしいですか。
ඔබ කාර්යබහුලද?