いる/いります (5だんどうし) යන ක්‍රියාපදයත්, ひつようだ යන な නාමවිශේෂණ පදයත් යම් දෙයක් අවශ්‍යය බව පැවසීම සඳහා යොදාගන්නා අතර සෑමවිටම එහි ඉදිරියට යෙදෙන්නේ が නිපාතයයි. මෙය いる/います (1だんどうし) හෙවත් "සිටියි" යන ක්‍රියාපදය හා පටලවා නොගැනීමට වග බලාගන්න.
外国へ 行く時、パスポートが いります。
පිටරට යන විට, විදේශ ගමන් බලපත්‍රයක් ඕනෑ වේ.
外国へ 行く時、パスポートが ひつようです。
පිටරට යන විට විදේශ ගමන් බලපත්‍රයක් අවශ්‍ය වේ.