මෙහි වාක්‍ය රටාව, සාමාන්‍යයෙන් භාවිත වන Nは A(い)-い/A(な)です වුවත්, මෙහිදී N වෙනුවට V dic.こと ස්වරූපය යෙදේ. එසේම A(い) සහ A(な) නාමවිශේෂණ පද ලෙස, むずかしい (අමාරුයි), たのしい (විනෝදයි), おもしろい (රසවත්), つまらない (කම්මැලියි), たいへんだ (දුෂ්කරයි) යන කිසියම් ඇගයීමක් සිදුකරනු ලබන පද භාවිත වීම දැකිය හැක.
コンピュータを 使う ことは むずかしいです。
පරිගණකය භාවිත කිරීම අමාරුයි.
ながい 文を 暗記する ことは たいへんです。
දීර්ඝ වාක්‍යයක් මතක තබා ගැනීම දුෂ්කරයි.