මෙහිදී に නිපාතය යමක් සාක්ෂාත් කරගැනීම හෝ යමකට ලඟාවීමේ ලක්ෂය පෙන්වා දේ. මේ සමඟ බහුලව භාවිත වන ක්‍රියාපද ලෙස පහත ඒවා දැක්විය හැක.
のる (නැගීම), とまる (නවාතැන් ගැනීම), のぼる (තරණය කිරීම), はいる (ඇතුල්වීම), つく (ලඟාවීම), すむ (වාසය කිරීම) යනාදිය.
わたしは しんじゅく駅で 電車に のります。
මම ෂින්ජුකු දුම්රිය ස්ථානයෙන් දුම්රියට නගිනවා.
おとうとは 来年 しょうがっこうに 入ります。
මල්ලී ලබන වසරේ ප්‍රාථමික පාසලට ඇතුලත් වෙනවා.