මෙයද ගෞරවාන්විත යෙදුම් වලින් එකකි. මෙහිදී ද තත්වයෙන් වයසින් වැඩි පුද්ගලයෙකු හෝ තමාට සමීප නොවන අයෙකු විසින් කරනු ලබන ක්‍රියාවක් ආචාරශීලීව ප්‍රකාශ කරනු ලබයි. ඒ සඳහා යොදාගනු ලබන්නේ කර්මකාරක ක්‍රියා ස්වරූපයෙන් යුතු ක්රියාපදයි. එසේම 1 වන කාණ්ඩයේ ක්‍රියාපද සහ くる (ඒම) යන්නෙහි ව්‍යාකරණමය ස්වරූපයන් හැකියාව හඟවන ස්වරූපය හා සමාන වන බව සලකන්න.
先生は、来月、国へ帰られます。
ගුරුතුමා ලබන මාසයේ සිය රට වෙත ආපසු යනවා.
先生は毎朝散歩をされます。
ගුරුතුමා සෑම උදෑසනකම ඇවිදින්න යනවා.
先生は明日ここへ来られます。
ගුරුතුමා හෙට මෙහේ පැමිණෙනවා.
先生はもう論文を書いてしまわれました。
ගුරුතුමා දැනටමත් පර්යේෂණ නිබන්ධනය ලියා අවසානයි.
කර්මකාරක ක්‍රියා ස්වරූපය සාදාගැනීම සඳහා Lesson 24-1 බලන්න.