යමක් සිදුවීම සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතවාදී අදහස් ප්‍රකාශ කිරිමේ ක්‍රමය මෙය වේ.
මෙහි වාක්‍ය රටාව, එකම වචනයක "ඇත අර්ථය + か + නැත අර්ථය" යන වාක්‍ය රටාව වන අතර එහි අවසානයට නිසැකවම わかりません යන පදය යෙදේ. ක්‍රියාපද, い/な නාමවිශේෂණ පද, නාමපද යන ඕනෑම එකක් මෙම පාඩමේ (9-1) ~でしょう හි ඉදිරියට යෙදුනා හා සමානව යෙදේ.
"නැත අර්ථය + か" යන කොටස වෙනුවට どうか භාවිත කිරීමටද හැකිය.
あした 雨が ふるか ふらないか、わかりません。
හෙට (වැසි) වහීද වහින්නේ නැතිවේවිද දන්නේ නැහැ.
あした 雨が ふるか どうか 、わかりません。
හෙට (වැසි) වහීද නැද්ද දන්නේ නැහැ.
この こたえは ただしいか ただしくないか、わかりません。
මේ පිළිතුර නිවැරදිද නිවැරදි නැතිද දන්නේ නැහැ.
この こたえは ただしいか どうか、わかりません。
මේ පිළිතුර නිවැරදිද නැද්ද දන්නේ නැහැ.
この てがみは たいせつか たいせつではないか、わかりません。
මේ ලිපිය වැදගත්ද වැදගත් නැතිද දන්නේ නැහැ.
この てがみは たいせつか どうか、わかりません。
මේ ලිපිය වැදගත්ද නැද්ද දන්නේ නැහැ.