N1で යන්න, යම් නිෂ්පාදනයක් දෙස බලා එහි අමුද්‍රව්‍ය එලෙසින්ම හඳුනාගත හැකි විටද, N1 から යන්න, යම් නිෂ්පාදනයක් නිපැදවීමේදී එහි මූලික අමුද්‍රව්‍ය වෙනසකට ලක්වී ඇති බව පෙන්වා දෙන විටද යොදාගනි. එසේම N2 යන්න, නිමවන ලද නිෂ්පාදනය නිරූපණය කරනු ලබයි.
鉄で刀を作ります。
යකඩ වලින් කඩු සාදයි.
牛乳からバターを作ります。
එළකිරි වලින් බටර් සාදයි.