Nを ください යනු ආචාරශීලීව යමක් ඉල්ලා ගන්නා ආකාරයයි. ප්රමාණය හඟවන පදය, Nを යන්නට ආසන්නව ඊට පසුපසින් යෙදෙන පදය වේ. ප්රමාණය පැවසීමේදී 一まい (පැතලි දෑ ගණන් කරන ඒකකය), 二ほん (සිහින් දිගටි දෑ ගණන් කරන ඒකකය) ලෙස හෝ すこし (ටිකක්), たくさん (ගොඩක්) ලෙස භාවිත කලද කම්නැත.
きっぷを 一まい ください。
කරුණාකර ටිකට් එකක් දෙන්න.
りんごを すこし ください。
කරුණාකර ඇපල් ටිකක් දෙන්න.
ප්රමාණය හඟවන පද වලට පිටුපසින් නිපාත යොදන්නේ නැත.