මෙමඟින් යම් ක්‍රියාවක හෝ සංසිද්ධියක ආර්ම්භය අර්ථවත් කරනු ලබයි. මෙහිදි කථානායකයාගේ අනුදැනුමකින් තොරව සිදුවන සිදුවීම් වන, 降る (වහිනවා), 晴れる (පායනවා), 聞こえる (ඇසෙනවා), においがする (ගන්ධයක් දැනෙනවා) යනාදි ක්‍රියාපද භාවිත වේ.
雨が降ってきました。
වහින්න පටන්ගත්තා.
いいにおいがしてきました。
මිහිරි සුවඳක් දැනෙන්න ගත්තා.
Lesson 25(Dialog)「雪が降り始めました。」
හිම වැටෙන්න පටන්ගත්තා.