ප්‍රශ්නාර්ථ පදයකට が එකතු කර පැනයක් ඇසූ විට, එහි පිළිතුරටද が එකතු කොට පිළිතුරු දිය යුතුය. මෙය කර්තෘපදය අවධාරණය කරන වාක්‍යයක් වන නිසා එහි පිටුපසට は නිපාතය නොව が නිපාතය යොදයි.
A: 本が 二さつ あります。どちらが あなたの 本ですか。
A: පොත් දෙකක් තිබෙනවා. කුමක්ද ඔබේ පොත?
B: こちらが わたしの 本です。
B: මෙයයි මගේ පොත.
A: どんな 家が いいですか。
A: මොනවගේ නිවසක්ද හොඳ?
B: 広くて、明るい 家が いいです。
B: ඉඩකඩ ඇති, ආලෝකමත් නිවසක් හොඳයි.
Lesson 7-5「だれが 来ましたか。」
කවුද ආවේ?