NはNです යන්න දෙවතාවක් පැමිණීමේදී, එය එක් වාක්‍යයකින් පැවසීමට, මුල් වාක්‍යයේ です අයින් කොට එතැනට で යොදා, දෙවැනි වාක්‍යය එලෙසින්ම සම්බන්ධ කල හැකිය.
ここは ゆうびんきょくです。あそこは ぎんこうです。
මෙතන තැපැල් කාර්යාලය වේ. අතන බැංකුව වේ.
→ここは ゆうびんきょくで、あそこは ぎんこうです。
මෙතන තැපැල් කාර්යාලය වන අතර අතන බැංකුව වේ.