~と හි ඉදිරිපස වාක්‍ය කොටසෙන් යමක් සිදු වන බව පෙන්වා දී, පිටුපස වාක්‍ය කොටසෙන් පෙර සිදුවීමට අනුකූලව නිසැකයෙන්ම සිදුවන තවත් සිදුවීමක් පෙන්වා දේ. ~と හි ඉදිරිපස හා පිටුපස ස්වරූපයන් වර්තමාන කාල සාමාන්‍ය ස්වරූපයෙන් පවතියි.
日が 出ると、あつく なります。
ඉර පෑයු විට, රස්නේ වේ.
お金が ないと、こまります。
මුදල් නොමැති විට, කරදරයට පත්වේ.
この 道を まっすぐ 行くと、信号が あります。
මේ පාරේ දිගටම ගිය විට, ආලෝක සංඥා කුළුනක් හමුවේ.
天気が いいと、この へんから、ふじさんが よく 見えます。
කාලගුණය යහපත් වූ විට, මේ පෙදෙසේ සිට ෆුජි සන් හොඳින් පෙනේ.
えが 下手だと、画家には なれません。
චිත්‍ර වලට අදක්ෂ වූ විට, චිත්‍ර ශිල්පියෙකු විය නොහැකියි.
独身だと、自由に お金が 使えます。
තනිකඩ වූ විට, නිදහසේ මුදල් පරිහරණය කල හැකියි.
පහත දැක්වෙන්නේ ඉහත වාක්‍ය රටාව භාවිතයේදී වාක්‍යයේ අගට යෙදිය නොහැකි ස්වරූපයන්ය.
යෝජනාත්මක ස්වරූපය
උපදේශන ස්වරූපය
ආයාචනාත්මක ස්වරූපය
විධානාත්මක ස්වරූපය
සිතැඟි ප්‍රකාශ කිරීමේ ස්වරූපය
ආරාධනාත්මක ස්වරූපය
තහනම් ස්වරූපය