ක්‍රියාපද මුල් ස්වරූපයෙන් තිබියදී එයට こと එකතු කිරීමෙන්, එම ක්‍රියාපදයන් නාමපද බවට පත්කල හැක. එනම් V dic.こと යන්න නාමපද හා සමාන ලෙසටම පිළිගැනේ.
わたしは えを かく ことが 好きです。
මම චිත්‍ර ඇඳීමට කැමතියි.
マナさんは 子どもと あそぶ ことが 大好きです。
මනා සන් ළමුන් හා සෙල්ලම් කිරීමට ඉතා කැමතියි.
どんな ことが 好きですか (මොනවගේ දේවල් කිරීමටද කැමති?) යනුවෙන් අසනු ලබන පැනයකට දෙන පිළිතුරු ලෙස, (うんどうが 好きです<ක්‍රීඩා කිරීමට කැමතියි >) (はしることが好きです<දිවීමට කැමතියි >) යනුවෙන් පිළිතුරු දුන්නද කම් නැත.