ප්රයෝජ්ය ක්‍රියා වාක්‍ය තුල හැඟිම් දැනීම් හඟවන ක්‍රියාපද යොදාගැනීමේදී, X ගේ ක්‍රියාවට අනුව Y ගේ හැඟීම් දැනීම් අවදි වූ බව අර්ථවත් කරයි. හැඟීම් දැනීම් හඟවන ක්‍රියාපද ලෙස わらう (සිනාසීම), おこる (කේන්ති යාම), よろこぶ (ප්‍රීතිමත් වීම), つかれる (විඩාවට පත්වීම), びっくりする (පුදුම වීම), 心配する (කරදර වීම) යනාදිය දැක්විය හැක.
මෙහිදි X හා Y අතර උස් පහත් සම්බන්ධයක් නොමැති අතර Y ට පිටුපසින් を නිපාතය යොදනු ලැබේ.
田中さんは、じょうだんを言って、みんなを わらわせました。
තනකා සන් විහිළුවක් පවසා, සියළුදෙනාවම හිනැස්සුවා.
わたしは、大きい声を出して、友だちを びっくりさせました。
මා උස් හඬක් පිටකර, යහළුවන්ව පුදුමයට පත්කලා.