මෙමඟින් යම්කිසි දෙයක වෙනස් වීම පෙන්වා දේ. විපර්යාසය අසම්පූර්ණ අවස්ථාවක පවතී නම් ~なります යන්න භාවිතා කරයි. එසේම なりました යන්නට පෙර ඇති පදය පහත පරිදි වෙනස් කල යුතුය.
Aい Aな N |
: おおきい → : しずかな → : 19 さい → |
おおきく しずかに 19 さいに |
りんごの 木は 大きく なりました。
ඇපල් ගස විශාල වුනා.
りょうは しずかに なりました。
නේවාසිකාගාරය නිහඬ බවට පත් වුනා.
アリさんは 十九才に なりました。
අලි සන්ට අවුරුදු දහ නවයක් වුනා.